Introduction of Microsoft Office 🇱🇰 දන්න සිංහලෙන් මයික්‍රොසොෆ්ට් ඔෆිස් ගැන. | Microsoft Office Tutorials & Trikes | Office Tab

Microsoft Office Tutorials & Trikes | Office Tab

දන්න සිංහලෙන් මයික්‍රොසොෆ්ට් ඔෆිස් ගැන. | Microsoft Office Tutorials and Trikes | Office Tab


 

Microsoft office කියන මෘදුකාංගය හදන්නේ ලෝක ප්‍රසිද්ධ මයික්‍රොසොෆ්ට් කියන සමාගමෙන්. මෙම මයික්‍රසොෆ්ට් ඔෆිස් කියන මෘදුකාංගය ඉස්සෙල්ලම හඳුන්වලා දුන්නේ වර්ෂය 1988 අගෝස්තු 01, ඇමරිකාවේ ලාස් වේගාස් වල තිබුන COMDEX කියන පරිගණක ප්‍රදර්ශනයේදී.   ඔයාලා හැමෝම දන්න වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ නිර්මාතෘ වන බිල් ගේට්ස් මහතා විසින් තමයි මේක හදුන්වල දුන්නේ.

 

මයික්‍රෝසොෆ්ට් ඔෆිස් කියන්නේ තනි මෘදුකාංගයක් නෙමෙයි ඒක ඇතුලේ මෘදුකාංග ගොඩක්  සහ සේවාවන් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මයික්‍රොසොෆ්ට් ඔෆිස් කියලා හඳුන්වන්නේ මෘදුකාංග සමූහයක එකතුවකට.

 

වර්ෂ දහස් 1988 ඉඳලා අද දක්වා Microsoft office  මෘදුකාංග තුළ පහත සඳහන් සංස්කරණ දැනට පිට වෙලා තියෙනවා.

* Microsoft Office 95

* Microsoft Office 97

* Microsoft Office 2000

* Microsoft Office XP

* Microsoft Office 2003

* Microsoft Office 2007

* Microsoft Office 2010

* Microsoft Office 2013

* Microsoft Office 2016

* Microsoft Office 2019

* Microsoft Office 365

මෙතනින් Microsoft office 365 කියන්නේ අපිට online වැඩ කරන්න පුළුවන් සංස්කරණයක්. ඒකෙන් අදහස් වෙන්නේ අපි අපේ පරිගණකයට මෙම මෘදුකාංගය  ස්ථාපනය කර නොතිබුණත් අන්තර්ජාලය හරහා අපගේ Office 365 ගිණුමට ඇතුල් වී වැඩ කරගෙන යා හැකි බවයි.

 

මේ අතරින් පරිශීලකයින් බහුලවම භාවිතාකරන මෘදුකාංග වෙන්නේ Microsoft office 2007, 2010, 2016, 2019 සහ office 365 යි.  භාවිතා  කිරීමේදී යම් යම් දෝෂ මතු වූ නිසා office 2013 අලුත් සංස්කරණයක් වුණත් බොහෝදුරට භාවිතයෙන් ඉවත් වෙලා තියෙනවා.  

 

Word, Excel, PowerPoint, Access කියන්නේ  කාර්යාලවල වැඩ කරන අයට විතරක් නෙවෙයි පාසල් ළමයින්ට සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ඉතාමත්ව වැදගත් වන මෘදුකාංග හතරක්.

මම Office Tab චැනල් එකෙන් ඉස්සරහට කතා කරන්න යන්නේ මේ මුදුකාංග කොහොමද පහසුවෙන්ම භාවිතා කරන්නේ කියලා.

 

කැමතිනම් එකතුවෙන්න මාත් එක්ක  subscribe කරන්න මගේ චැනල් එක  මේ වගේ වීඩියෝ එකකින් ඉස්සරහට හමුවෙනකන් ඔයාලට සුබ දවසක්...!


Tag

#word_excel_powerpoint_access
#මයික්‍රොසොෆ්ට්_ඔෆිස්_සිංහලෙන්
#how_to
#ms_office
#word #excel
#powerpoint
#access #officetab #office_tab #Microsoft_Office #MSOffice #tutorial_&_tricks #gayantha #gayantha_kumara #sinhala

CONVERSATION

0 Comments:

Post a Comment

coinpayu